අනුරාධපුර රාජධානිය වැටුණු හැටි
අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු
නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගලන්තයේ ඩරම්
සරසවියේ මාහාචාර්ය රොබින් කනින්හැම් කියයි.
කාල නිර්ණය පිළිබඳ නව තාක්ෂණික විද්‍යා උපකරණ යොදා ගනිමින් අනුරාධපුර
රාජධානියේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි කාලනිර්ණ ප්‍රතිඵල ද පෙන්වාදෙමින්
අනුරාධපුර රාජධානිය සම්බන්ධයෙන් ඔහු කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී මේ බව
සඳහන් කළේය.
අනුරාධපුරයෙන් සොයා ගත් පස් ඇතුළු ඉපැරණි සාම්පල කාල නිර්ණය සඳහා ලොව
නවීනතම පර්යේෂණ ක්‍රම වලට ලක් කළ බවත්, ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 11 වැනි
සියවසේ දී අනුරාධපුර රාජධානියේ පිරිහීම ඇරැඹුණු බවත් ඔහු කියයි. =
එදා අනුරාධපුරයේ වැව් හා ජල මාර්ග රොන් මඩින් පිරී වාරි මාර්ග පද්ධතිය බිඳ
වැටී ඇතැයි ද ක්‍රිස්තු පූර්ව නව වැනි සියවසේ සිට ඉතා හොඳන් පැවැති
කර්මාන්ත හා කෘෂි කාර්මාන්ත 11 වැනි සියවසේ දී බිඳ වැටී ඇති බව පෙනේයැයි ද
ඔහු සඳහන් කරයි.
මහාචාර්ය කනින්හැම් ශ්‍රී ලංකාවේ නගර වාරි කර්මාන්තය හා බුද්ධාගම පිළිබඳ
25 වසරක් පුරා ගවේෂණයක් කර ඇත. සිදුහත් කුමාරයාගේ උපත සිදුවූ නේපාලයේ
ලුම්බිණියේ කැණීම් කටයුතුවල ප්‍රධානත්වය දරන්නේ ද කනින්හැම් මහතා විසිනි.
ලුම්බිණියේ කැණීම්වල දී බෝධියක් සේ සැලකෙන ශාඛයක මුලක පොසිලයක් ද සොයා ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් පනහක අර්ධ විශ්කම්භයක් ඇති පෙදෙසක් ගවේෂණයට ලක් කළේය.
භූ භෞතික හා භූ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ ඔහුගේ පර්යේෂණ
කණ්ඩායම නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් අනුරාධපුර ප්‍රත්‍යන්තයේ විහාරාරාම,
ගල්කණු ශිලා ලේඛණ ඇතුළු ඉපැරණි ස්ථාන 800ක් පමණ ඔහුගේ පරීක්ෂණයට ලක්වී ඇත.
අද අනුරාධපුරයේ නාගරීකරණයේ අඩු ඝනත්වයේ හේතුවලට සාධක එදා පැවැති තත්ත්වයේ බලපෑම යැයි ද ඔහු කියයි.
අනුරාධපුර රාජධානියේ ප්‍රත්‍යන්තයේ එදා යකඩ කර්මාන්තය සුළුවෙන් පැවැති බව ද ඔහු කියයි.
අනුරාධපුර නුවර කේන්ද්‍රකරගනිමින් විහාරාරාම පැවැති බවත්, ඒ වටා ගම් දනව්
බිහි වී තිබුණු බවත්, එය කම්පුචියාවේ අංකෝර් වට් විහාරාරාම ප්‍රදේශය මෙන්
පවතින්නට ඇති බවත් ඔහු පවසයි.
කැලණි සරසවියේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඔහුගේ පර්යේෂණ හවුල්කරු විය.
අනුරාධපුරයේ මුල්ම වැව තැනූ කාලය සොය ගැනීම සඳහා වෑකණ්ඩිවලින් ගත් පස් කාල
නිර්ණ පර්යේෂණයට ලක් කළ බවත්, ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා හතරවැනි
සියවස් වන විට අපේ ආදිමයන්ට වැව් තාක්ෂණයේ මූලික දැනුම තිබූ බවත් ඔහු
පවසයි.
උපුටාගැනීම ලංකාදීප online
No comments:
Post a Comment