Thursday, November 27, 2014

මිහිදු හිමියන් ලංකාවට වැඩියේ සෘධියෙන්ද??


ලංකාවාසී බෞද්ධ ජනතාව මිහිදු හිමිිව පුදනුයේ දෙවැනි බුදුන් ලෙසය.අනුබුදු හිමිි සමග ඉටටිිය"උට්ඨිය"සම්බල"බද්ධසාල නමින් තෙරුන් සිවුනමක්ද සංඝමිත්තා කුමරියගේ පුත්‍ර සුමන සාමණේරයන්ද සමග භණ්ඩුක නම් උපාසක තෙමේිද බුදු දහම ගෙන එන දූත පිරිස අතර විය. මිිහිදු හිමිි මේ පිරිස සමඟ පොසොන් පොහෝ දින දඹදිව වෙීදිස පුරයේ සිට ලංකාවෙී අනුරාධපුරයට තරමක් ඈතින් මිස්සක පවුවට වැඩම කළ බව වංස කතාවල සඳහන් වෙී. 
අනුබුදු හිමිිගේ ලංකාගමනත් සමග අපට ලැබුනු දායාද බොහෝය.සද්ධර්මයට අමතරව අක්ෂර විද්‍යාව "කලා ශිල්පය"ගෘහ නිර්මාණ ශිල්පය"භාෂා සාහිත්‍යයද"මෙහෙණි සසුන පිහිටුවීීමත් ශ්‍රී මහා බෝධිියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීීමත් ලංකා ඉතිහාසයේ හැරවුම්ී ලක්ෂය බවට පත් විය.මහා ගන කැලෑවල යෝධ ගල් පර්වත වලට ජීවය කවා බුදූුන්වහන්සේගේ මහා කරුණාව "මෛත්‍රිය "අනුකමිපාව විිනිවිිද පෙනෙන අයුරින් බුදූු පිළිම නෙලීම සිංහල කළාකරුවාට හුරුවූයේ බුදුදහම ගෙන ඒම තුළිනි. අනුරාධපුරයේ සමාධි පිළිමය"ගල් විිහාරයේ බුදු පිළිමය"රුවන්වැලි"මිිරිසවැට්ි"ථූපාරාමය වැනි සෑ රදුන් අදට පමණක් නොව ශ්‍රී ලංකාවෙී අනන්‍යයතාව ලොවට කියාපාන අනර්ඝ නිර්මාණ ෙවිි.ලොව දිනූ මා හැඟි දායාද ලංකාවට උරුම කර දීෙමිී නිර්මාතෘවරයාණන් මිිහිª මහරහතන් වහන්සේ ලංකා ඉතිහාසයට අලුත් යුගයක් නිර්මාණය කළ සේක. ෙමිී මහින්දාගමනය පිළිබඳ උගතුන් අතර නොයෙක් මතිමතාන්දර අසන්නට ලැබෙී.මිිහිª හිමිිගේ දූත පිරිසෙහි සත් දෙනෙකි.මිිහිදු හිමිි මහරහතන් වහන්සේ නමකි.සෘධිබලය ඇත්තේ පසේ බුදු මහරහතන් වහන්සේට බව අප දන්නා කරුණකි.එ් හෙයින් මිිහිදු හිමිිට සෘධිබලය ඇත.සෘධිබලයෙන් අහසින් වැඩිය හැකි බව පැවසේ.දේවානනම්පියතිස්ස රජ්්ුගේ පැනයකට මිිහිª හිමිි පැවසූයේ ’දියෙන් හෝ ගොඩිින්’ නොපැමිණි බවයි.මිිහිදු හිමිි දූත පිරිස හංසයන් මෙන් අහසට නැගී මිහින්තලා පවුවට වැඩිි බව පවසා ඇත. ඉට්ඨිය" උටීඨිය" සම්ීබල" බද්ධසාල තෙරවරු හතරනම රහතන් වහන්සේද යන්න සඳහන් වී ඇති අවස්ථා විරලය.එසේම සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක අහසින් පැමිිණියේ ද යන්න ප්‍රශ්නයකි. එම දෙපොළ පසුකාලීනව පැමිීණි බවද සමහර ඉතිහාසඥයන්ගේ අදහසයි.විිවිධ මත අතර සිර වූ බෞද්ධයන් වූ ශ්‍රී ලාංකික අප මිිහිª හිමි ඇතු¿ ¥ත පිරිස අහසින් වැඩිි බවට වංස කතාවල කියන දේ පිළිගත්තත් අන්‍ය ආගමිකයන් සහ ඉතිහාසඥයන් මිිහිª හිමි ආගමනය ගැන බලනුයේ බෞද්ධාගමිික පසුබිිමක සිට නොවෙී.
මිිහිª හිමි ඇතුළු දූත පිරිස අහසින් වැඩි බව දීපවංසය"මහාවංසය"සමන්තපාසාදාකාව වැනි වංස කතා ස්ථීරවම සඳහන් කර ඇත.එහෙත් සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකට අහසින් පැමිණීමට සෘද්ධි බලයක් තිබුණා යැයි පිළිගත නොහැකිය.

සංඝමිත්තා තෙරණිය මෙන් පසුකාලීනව මේ දෙදෙනා පැමිණෙන්න ඇතැයි සිතිය හැකි මුත් වංස කතා ඒ ගැන සඳහන් නොකරයි.

උගත් බුද්ධිමතුන්ගේ එක් මතයක් නම් මිහිª හිමි ඇතුළු දූත පිරිස නැවකින් ලංකාවට වැඩි බවයි.සමහර මූලාශ්‍රවල මේ බව සඳහන් වන බව පැවසේ. ක්‍රි.පූ.3 වැනි ශතවර්ෂයේ වෙළඳාම් සඳහා ඉන්දියන් සාගරයේ නැවි ගමනාගමනය පැවතුනි.එම නැවී ලක්ද්වට පැමිණ තිබේ.ලක්දිව සමග වෙළඳාම් කිරීමේ හැකියාවද තිබුණ බව කියවෙී.මිහිදු හිමි ඇතු¿ දූත පිරිස උත්තර භාරතයේ සිට දක්ෂිණ භාරතයේ භාරුකජීඡ වරාය තෙක් ගොඩබිමින් පැමිණ ඇත.මේ සඳහා මාස හයක් පමණ ගතවි ඇත.එම වරායේ සිට නැවී නැග ලංකාවට පැමිණ ඇතැයි මතයකි.තිස්ස රජුගේ  පැනයට දූන් පිළිතුර අනුව මිහිදු හිමියන් පවසා ඇත්තේ දියෙන් පමණක් නොව ගොඩින්ද පමණක් නොව මේ ක්‍රම දෙකෙන්ම බව ඉඟි කර ඇති බවට වටහා ගත හැකිය.

මහින්දාගමනය ගැන වංසකතාවල සඳහන් සෘධිබලයත් ඉතිහාසඥයින් සඳහන් කරන ගොඩබ්මෙන් සහ නැවි මාර්ගයෙන් වූ ආගමනයත් තර්කානුකූලව පිළිගැනීම හෝ නොපිළිගැනීම බුද්ධි මට්ටම අනුව විසඳිය යුතු ප්‍රශ්නයකි.එම ගැටළුව එසේ පවතින්න ඉඩහැර මිහිදූ හිමිගේ සේවය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වූ අපට ඉර හඳ ආලෝකමත් කරන ශ්‍රේෂ්ඨ උත්තම ගණයේ සිහිවටනයක් බව අවිවාදයෙන් පිළිගත හැකි සිදූවීමකි.බුද්ධාලම්භන ප්රීතියෙන් පොසොන් පොහොය දිනය මිහදු හිමියන් වෙනුවෙන් පූජෝපහාර පවත්වා බෞද්ධ ලෝකයට අප දෙන පණිවුඩය මිහිදු හිමියන්ට පුදන ශ්‍රේෂ්ඨ උත්තම පූජාවයි.අවුරුදූ අසූවක් පමණ ආයු වළඳා  ලක්දෙරණ මත මිහිදන් වූ මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධයන් වූ අපගේ දෙවැනි බුදූන් ලෙස සදාකාලිකවම සිහිපත් කරන්නෙමු..

(උපුටා ගැනීම තිසරණ පුවත්පත)   

Monday, November 24, 2014


අනුරාධපුර රාජධානිය වැටුණු හැටි
අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගලන්තයේ ඩරම් සරසවියේ මාහාචාර්ය රොබින් කනින්හැම් කියයි.
කාල නිර්ණය පිළිබඳ නව තාක්ෂණික විද්‍යා උපකරණ යොදා ගනිමින් අනුරාධපුර රාජධානියේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්හි කාලනිර්ණ ප්‍රතිඵල ද පෙන්වාදෙමින් අනුරාධපුර රාජධානිය සම්බන්ධයෙන් ඔහු කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
අනුරාධපුරයෙන් සොයා ගත් පස් ඇතුළු ඉපැරණි සාම්පල කාල නිර්ණය සඳහා ලොව නවීනතම පර්යේෂණ ක්‍රම වලට ලක් කළ බවත්, ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියවසේ දී අනුරාධපුර රාජධානියේ පිරිහීම ඇරැඹුණු බවත් ඔහු කියයි. =
එදා අනුරාධපුරයේ වැව් හා ජල මාර්ග රොන් මඩින් පිරී වාරි මාර්ග පද්ධතිය බිඳ වැටී ඇතැයි ද ක්‍රිස්තු පූර්ව නව වැනි සියවසේ සිට ඉතා හොඳන් පැවැති කර්මාන්ත හා කෘෂි කාර්මාන්ත 11 වැනි සියවසේ දී බිඳ වැටී ඇති බව පෙනේයැයි ද ඔහු සඳහන් කරයි.
මහාචාර්ය කනින්හැම් ශ්‍රී ලංකාවේ නගර වාරි කර්මාන්තය හා බුද්ධාගම පිළිබඳ 25 වසරක් පුරා ගවේෂණයක් කර ඇත. සිදුහත් කුමාරයාගේ උපත සිදුවූ නේපාලයේ ලුම්බිණියේ කැණීම් කටයුතුවල ප්‍රධානත්වය දරන්නේ ද කනින්හැම් මහතා විසිනි.
ලුම්බිණියේ කැණීම්වල දී බෝධියක් සේ සැලකෙන ශාඛයක මුලක පොසිලයක් ද සොයා ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාවේ  අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් පනහක අර්ධ විශ්කම්භයක් ඇති පෙදෙසක් ගවේෂණයට ලක් කළේය.
භූ භෞතික හා භූ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් අනුරාධපුර ප්‍රත්‍යන්තයේ විහාරාරාම, ගල්කණු ශිලා ලේඛණ ඇතුළු ඉපැරණි ස්ථාන 800ක් පමණ ඔහුගේ පරීක්ෂණයට ලක්වී ඇත.
අද අනුරාධපුරයේ නාගරීකරණයේ අඩු ඝනත්වයේ හේතුවලට සාධක එදා පැවැති තත්ත්වයේ බලපෑම යැයි ද ඔහු කියයි.
අනුරාධපුර රාජධානියේ ප්‍රත්‍යන්තයේ එදා යකඩ කර්මාන්තය සුළුවෙන් පැවැති බව ද ඔහු කියයි.
අනුරාධපුර නුවර කේන්ද්‍රකරගනිමින් විහාරාරාම පැවැති බවත්, ඒ වටා ගම් දනව් බිහි වී තිබුණු බවත්, එය කම්පුචියාවේ අංකෝර් වට් විහාරාරාම ප්‍රදේශය මෙන් පවතින්නට ඇති බවත් ඔහු පවසයි.
කැලණි සරසවියේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඔහුගේ පර්යේෂණ හවුල්කරු විය.
අනුරාධපුරයේ මුල්ම වැව තැනූ කාලය සොය ගැනීම සඳහා වෑකණ්ඩිවලින් ගත් පස් කාල නිර්ණ පර්යේෂණයට ලක් කළ බවත්, ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා හතරවැනි සියවස් වන විට අපේ ආදිමයන්ට වැව් තාක්ෂණයේ මූලික දැනුම තිබූ බවත් ඔහු පවසයි. 

 උපුටාගැනීම ලංකාදීප online

Tuesday, November 4, 2014

අනුරාධපුර නගරයේ අතිත වගතුග

පැරණි අනුරාධපුරයේ කලාප තුනක් විය. ඒවා මෙසේය.
  1. ඇතුළු නුවර - රජ මාළිගය ඇතුළු ගොඩනැගිලි
  2. පිටි නුවර - නගරය අවට ප්‍රදේශය
  3. පුජා නුවර - වෙහෙර විහාර ආදිය තිබූ ප්‍රදේශය
  • නැගෙනහිර දේශාන්තර 800. 24` හා
  • උත්තර අක්ෂභාග 80.21` ආශ්‍රිතයි.
  • ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මල්වතු ඔයබඩ පිහිටා ඇත.
  • මුහුදු මට්ටමේ සිට අඩි 295 ක් උසය.
  • වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 57``.
  • සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 810 කි.
  • නගරය වර්ග සැතපුම් 9 ½ පමණ විශාලය.
  • 1953 වර්ෂයේ එහි ජනගහණය 18,431 කි.
  • මෙය දැන් දස ගුණයකටත් වඩා වැඩිය.
  • මෙය 1874 පටන් උතුරු මැද පළාතේ අගනුවරයි.
  • කොළඹ සිට අනුරාධපුරයට දළ වශයෙන් දුර සැතපුම් 127 ½ කි. (කි.මී. 204 කි.)

  • මහනුවර සිට දඹුල්ල හරහා දුර සැතපුම් 85 ½ කි. (කි.මී 136 කි.)
අටමස්ථාන සියල්ල පිහිටා ඇත්තේ මෙහිය.
මීට අවුරුදු ලක්ෂ එකහාමාරකටත් පෙර ශ්‍රී ලංකාව මනුෂ්‍යවාසයක් ව පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබි ‍තිබේ. ඉදිරිකාලයේ කෙරෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් මේ පිළිබඳව තව තවත් තොරතුරු අනාවරණය විමට ඉඩ තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙන්නේ මෙරට බුදු දහම හඳුන්වා දුන් ක්‍රි.පූ. 250 පමණේ සිටය. එම ඓතිහාසික යුගයට ආසන්න පෙර කාලයේ එනම් ක්‍රි.පූ 6 වැනි සියවසේ සිට උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යෝ ආදිවාසිකයින් මැඩ පවත්වා ජනාවාස පිහිටුවා රටේ පාලනය සියතට ගත්හ. විජය පරපුරත් ඊට පසු ශාක්‍ය වංශිකයෝත් ඔවුන්ගෙන් පසු ලම්බකර්ණ වංශිකයෝත් ඔවුන්ගෙන් පසු වෙනත් රාජවංශත් නුවර යුගය දක්වා රට පාලනය කළහ. අනුරාධපුර ඇතුල් නුවර පුරාවිද්‍යාත්මක කැණිම් වලින් ලැබි ඇති ක්‍රි.පූ. 6 වැනි සියවස සිට මෑත කාලයට අයත් රෝම මැටි බඳුන් අපගේ ඓතිහාසික යුගයේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස සිට තවත් ශතවර්ෂ 3 ක් අතිතයට ව්‍යාප්ත කිරීමට අනුබල දෙයි. ඒ සමග ඒ කාලයේ භාවිතා කරන ලද ලිවිමේ ක්‍රමය ද මෙහිදී සැළකිල්ලට ගත යුතුව ඇත. එකල භාවිත චිත්‍රාක්ෂර වැනි අකුරු තවමත් අභිලේඛන විද්‍යාඥයන් විසින් කියවා ගත නොහැකිව තිබේ. ඒවා කියවීමට හැකිවු දාට අපගේ ‍ඓතිහාසික යුගයේ ආරම්භය ක්‍රි.පූ 6 වැනි සියවස දක්වා අතීතයට ගෙන යාමට සිදු වනවා ඇත. අනුරාධපුරය නිර්මාණය කොට එය රාජධානිය වන්නට පෙර කාලවල පැවැති නගර ගැන අප දන්නේ අල්ප වශයෙනි. ජනප්‍රවාද බැහැර කළොත් ප්‍රථම ඓතිහාසික රාජධානිය ලෙස සළකන්නට වන්නේ අනුරාධපුරයයි. අනුරාධගම පසුව අනුරාධපුරය විය. අනුරාධගම පිහිටුවන ලද්දේ විජයගේ ඇමතිවරයෙකු වන අනුරාධ විසිනි. එය නගරයක් බවට පත් කළේ පණ්ඩුකාභය රජු (ක්‍රි.පූ. 380-310) විසිනි. ඔහුගේ නගර නිර්මාණ ශිල්පියා වුයේ ජෝතිය නමැති ජෛන බ්‍රාහ්මණයාය. නගරයට අනුරාධ යන නම යොදන ලද්දේ අනුරාධ ඇමතියා විසින් ආරම්භ කළ ගම මුල් විමත් අනුරාධ නැකතින් ආරම්භ කිරීමත් නිසා බව කියනු ලැබේ. ආර්යන් තැනු වෙනත් ගම්වලටද ඒ ඒ නම නිර්මාණය කළ පුද්ගලයාගේ නම තැබුවාක් මෙන් අනුරාධ පිහිටුවාලු ගමට ඔහුගේ නම තැබිම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කකි. එම ගම නගරයක් විමේ දි ද පරණ නමම එයට තැබිම මෙහිදි සිදු වන්නට හොඳටම ඉඩ තිබුණි. වාස්තු විද්‍යාඥයකු විසින් සැළසුම් කර නිර්මාණය කරන ලද නගරයක් වශයෙන් ගත්විට අනුරාධපුරයට මුල් තැන ලැබේ. එම නගරය නිර්මාණය කොට තම අගනුවර වශයෙන් එය මුලින්ම පාවිච්චී කළේ පණ්ඩුකාභය රජු විසිනි. එතැන් පටන් ක්‍රි.ව. 993 දී සොළින් විසින් මේ නගරය අල්ලා ගන්නා තුරු ශත වර්ෂ දහහතරක් පමණ කාලයක් එය දිවයිනේ අගනුවර ලෙස පැවැතියේය. සොළි ආක්‍රමණයෙන් පසු රාජධානිය පොළොන්නරුවට ගෙන යන ලදී. දැඩි උෂ්ණත්වයක් පවතින උතුරු මැද පළාතේ අනුරාධපුරය එකල අධික ජනගහණයකින් යුක්ත වුවාට සැකයක් නැත. එමෙන්ම එහි ගෙවල් විශාල සංඛ්‍යාවක් ද තිබෙන්නට ඇත. එකල අනුරාධපුරයේ දැඩි උෂ්ණය මැඩ පැවැත්වීම සඳහා රජවරු වනෝද්‍යාන, වැව් හා පොකුණු නගරය අවට කරවූහ. අනුරාධපුරය වටා විශාල වැව් කිපයක් වෙයි. බූලන්කුලම හා අභයවැව හෙවත් බසවක්කුලම, පෙරුමියන්කුලම, නුවර වැව, තිසා වැව හා පුලියන්කුලම එසේ නගරය වටා පිහිටි වැව්ය. ඇතුල් නුවර දකුණු දොරටුවට මුහුණලා නන්දන වනය ද තවත් දකුණට මහාමේඝ වනය ද පිහිටුවා තිබිණි. මේ උද්‍යාන දෙක පසුව මහා විහාරය සඳහා වෙන් කරන ලදී. මේ හැර ශුද්ධ නගරය තුළ විශාල සංඛ්‍යාවක් ලොකු කුඩා පොකුණු දක්නට ලැබේ. ඒවායින් විශාලතම පොකුණ ඇත් පොකුණයි. එය දිගින් මීටර් 150 ක් ද පළලින් මීටර් 50 ක් ද ගැඹුරින් මීටර් 10 ක් ද වෙයි. මුල් අනුරාධපුරය දැන් ඇතුල් නුවර නමින් හැඳින්වේ. මහා විහාර, අභයගිරිය, ජේතවනාරාම යන තුන් නිකායට අයත් විහාරාරාම ඇතුල් නුවරට උතුරු, දකුණ හා බටහිර යන ප්‍රදේශවල ව්‍යාප්තව තිබේ. මෙම ප්‍රදේශ ශුද්ධ නගරය නමින් දැන් හැඳින්වේ. ඇතුල් නුවර රජු, රාජකීයයන් ඇමතිවරුන් ප්‍රධාන ප්‍රභු ජනයා සඳහා ද, ශුද්ධ නගරය පුජනීය ස්ථාන හා භික්ෂුන් වහන්සේලා සඳහා තනනා ලද ගොඩනැගිලි සඳහා ද වෙන්වී ඇත. එහෙත් ඇතුල් නුවර ද පුජනීය ගොඩනැගිලි කිපයක් තිබේ. සාමාන්‍යයෙන් අනුරාධපුරය යයි කී විට ඇතුල් නුවර හා ශුද්ධ නගරය ‍යන දෙකම ඉන් අදහස් වෙයි. එය පැරණි අනුරාධපුරයයි. මීට අමතරව අනුරාධපුර නව නගරයක් ද වෙයි. අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්කෘතියේ අරුණෝදයේ සිට එහි උපරිම දියුණුව දක්වා දිව‍යිනේ අගනුවර වී තිබීම සුවිශේෂ සිද්ධියක් ලෙස සඳහන් කළ හැකිය. ස්තුප, පිළිම ගෙවල්, බෝධින් වහන්සේලා, සංඝයා සහ ශාන්ත පරිසරය දුටු මහජනයාගේ සිත්වල ආගමික ශ්‍රද්ධාව පිරි ඉතිරි යන්නට ඇතුවාට සැකයක් නැත. අද වුවද කෙනෙකුට එහි අතීත ශ්‍රී විභුතිය මවා ගැනිමට නටබුන් විහාරාරාම, දාගැබ් හා වැව් ආදිය මහෝපාකාරී වේ.

ඇතුළු නුවර වර්ධනය හා පිහිටීම

අනුරාධ ග්‍රාමය පිහිටවූයේ ක්‍රි. පූ. හයවන සියවසේ දෙවන භාගයේදී විජය කුමරු සමඟ පැමිණි අනුරාධ සෙනෙවියා විසින් බව මෙහි මීට පෙර ද සඳහන් කොට ඇත. එය නගරයක් බවට හැරවූයේ ක්‍රි. පූ. සිව්වැන්නේදී පණ්ඩුකාභය රජු විසිනි. පසුකාලීන රජවරුන් එහි වර්ධනයට ක්‍රමානුකූලව දායක වී ඇති බව පෙනේ. ඒ අනුව කුටකණ්ණ තිස්ස රජු (ක්‍රි. පූ. 41 – 20 ) ඇතුළු නගරයේ පවුර හත් රියනක් උස් කොට බඳවා ඒ වටා දිය අගලක් ද කරවීය. එය රියන් 18 ක් දක්වා උස් කොට බැඳවූයේ වසභ රජු (ක්‍රි. ව. 66 – 110) විසිනි. එළාර රජු හා දුටුගැමුණු රජු අතර ද්වන්ද සටන සිදුවූයේ දකුණු දොරටුව අසල දී බව පිළිගැනෙයි. එළාර රජු එහිදී ජීවිතය අහිමිව බිම පතිත වූයේය. දුටුගැමුණු රජු එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කොට ඒ ස්ථානය පසුකොට යන එන්නන් විසින් ගෞරව කළ යුතු යැයි ආඥාවක් නිකුත් කිරීමෙන් එය සනාථ කරගත හැකිය. රජ මාලිගය පිහිටියේ ඇතුළු නගරය තුළය. එයට අමතරව ඉහළ පන්තියේ උදවියට ද වෙළෙඳුන්ට ද ඒ තුළ වාසස්ථාන තනා ගැනීමට අවසර ලැබී ඇත. අනුරාධපුර ඇතුල් නුවර නැරඹිය යුතු ස්ථාන කීපයක් වෙයි. අක්කර 250 ක් පමණ වු ප්‍රදේශයක පිහිටි ඇතුල් නුවර තුළ ඒවා පිහිටා තිබේ.