Sunday, December 21, 2014

අනුරපුර ගංවතුර

නුරාධපුර නගරයේ පාසල් පහක් විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශ්‍රිත පෙදෙස් ජලයෙන් යටවෙමින් පවතී.
අද (21) දහවල් නිකුත් කළ තොරතුරු අනුව අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 6500ක පුද්ගලයන් 30000 ක් පමණ විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මල්වතු ඔයට යාබද හරිස්චන්ද්‍ර පිටිය ඉදිරිපිට ඇති හමුදා රෝහලත් ඒ අසල අනුරාධපුර මැදි විදුහලද  ගංවතුරින් යටවිය. හමුදා රෝහලේ රෝගීන් අනුරාධපුර රෝහලට මාරු කිරීම ඇරඹිණි. රෝහල අසල ඇතැම් ස්ථානවල අඩි 4,5ක් පමණ ගංවතුර මට්ටම ඉහළ ගොස් ඇත. යළි වැසි පටන් ගැනීම නිසා ගංවතුර තවත් වැඩිවෙතියි නගර වැසියෝ කියති.
වෙනදා බස් ගිය පාරේ අද බෝට්ටු යාත්‍රා කරයි. මෑත කාලයේ අනුරාධපුරයට මෙවැනි ජල ගැල්මක් සිදු නොවීය. 1956 දී අනුරාධපුර සිංහ කණුව අසල අඩි 10කට ආසන්න ගංවතුර ගලා තිබුණි. 
a3
a1 a4

f-5DSC_0322 f-2 f-3 f-7 


(උපුටා ගැනීම Lankadeepa.lk)
 

Friday, December 19, 2014

නව අරහාදී බුදු ගුණ වන්දනාව



සො භගවා ඉතිපි අරහං
අරහං වත සො භගවා
අරහංතං සරණං ගච්චාමි
අරහංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො
සම්මා සම්බුද්ධො වතසො භගවා
සම්මා සම්බුද්ධංතං සරණං ගච්ඡාමි
සම්මා සම්බුද්ධංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි විජ්ජාචරන සම්පන්නෝ
විජ්ජාචරන සම්පන්නෝ වත සො භගවා
විජ්ජාචරන සම්පන්නංතං සරණං ගච්චාමි
විජ්ජාචරන සම්පන්නංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි සුගතො
සුගතො වත සො භගවා
සුගතංතං සරණං ගච්ඡාමි
සුගතංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි ලෝකවිදු
ලෝක විදු වතසො භගවා
ලෝක විදුංතං සරණංගච්ඡාමි
ලෝක විදුංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි අනුත්තර පුරිස ධම්ම සාරති
අනුත්තර පුරිස ධම්ම සාරතී වත සො භගවා
අනුත්තර පුරිසධම්ම සාරතිංතං සරණං ගච්ඡාමි
අනුත්තර පුරිස ධම්ම සාරතිංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං
සත්තා දේව මනුස්සානං වතසො භගවා
සත්තා දේව මනුස්සානංතං සරණං ගච්ඡාමි
සත්තා දේව මනුස්සාතංතං සිරසා නමාමින

සො භගවා ඉතිපි බුද්ධෝ
බුද්ධො වත සො භගවා
බුද්ධංතං සරණං ගච්ඡාමි
බුද්ධංතං සිරසා නමාමි

සො භගවා ඉතිපි භගවා
භගවා වත සො භගවා
භගවන්තං සරණං ගච්ඡාමි
භගවන්තං සිරසා නමාමි

මාගේ ස්වාමි වූ බුදු රජාණන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් දුරුවූ සේක. රහසින්වත් පවු නොකළ සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක. බුදු රජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්‍යෙක කෝටියක් මවුවරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඩක් කළ ද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක.මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසමවූ අසම සම වු දෙවියන්ට දෙවි වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මොහඳුරට ලහිරු මඩලක් වු කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වු අනාථ නාථ වූ අසරණ සරණ වු අග්‍ර දක්ඛිනෙය්‍ය වු මාගේ බුදුරජාණන් වහන්සේට‚
මේ දැල්වෙන පහන් පූජා කරමි පූජා වේවා
මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා
මේ සුවඳ දුම් කරමි පූජා වේවා
මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා
මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා
මේ දැහැත් පූජා කරමි පූජා වේවා
මේ බෙහෙත් පූජා කරමි පූජා වේවා
             මේ සියලු පූජාවෝ සංසාර දුකින් අත මිදීම පතා‚නිර්වාන ශාන්තිය පතා ‍ඔබ වහන්සේට  පූජා කරමි පූජා වේවා..

දස බල ධාරිං, මහාකාරුණිකං, අසාධාරණ ඤාණං අනන්ත ඤානං, ආරියගුණවන්තං, මහාගුණවන්තං වන්දනෙය්‍යාහි වන්දනීයං, පූජනෙය්‍යාභි පූජනීයං දක්ඛිනා රහං, ලෝක නාථං, සබ්බ‍ඤ්ඞිං සබ්බ දස්සාවිං, ධම්ම රාජං, ධම්මස්සාමිං, අනන්ත පංඤවන්තං, සමන්ත චක්ඛුං දීප දුන්තමං භගවන්තං සම්මා සම්බුද්ධං අනුස්සාරමි ­ සම්මා සම්බුද්ධං සිරසා නමාමි.




Thursday, December 11, 2014

නාග ශාපය


නාග ගෝත‍්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප‍්‍රබල ජන වර්ගයකි. එමෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන්වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගලවලින් මෙරට ඉතිහාසය පිරී පවතී. යකුන් ස්වදේශික ජන ගෝත‍්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත‍්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැලකිල්ලට ගනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත‍්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ මතය එක් අතකින් ප‍්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.


දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.

දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක‍්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති.

දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය.

එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැකගෙන සිටියේ ද නාගයන්ය.

නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප‍්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි.

ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.

මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත‍්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.

එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය.

දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.

එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.

ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.

(උපුටා ගැනීම ලංකාදීප online)

Friday, December 5, 2014

බෝධි වන්දනාව



                     ප තිලෝගුරු වූ ගෞතම බුදූ රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමේදී සේවිත වෘක්ෂය වූයේ ඇසටු වෘක්ෂයයි.තමන් වහන්සේට ප්‍රඥාවෙි අග්‍රඵලය වූ සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමේ දී වැඩ සිටින තැනට සෙවන දූන් එකී ඇසටු වෘක්ෂය දෙස බුද්ධත්වයෙන් දෙවන සතියේදී අනිමිස ලෝචනයෙන් කරන ලද කළගුණ සැළකීමේ උතුම් පූජාව ප්‍රථම බෝධි පූජාව ලෙස අප කවුරුත් සිහි කරන්නේ මහත් ගෞරවයෙනි.



වෘක්ෂ වන්දනාව තමාගේ විමුක්තිය සඳහා පිටුවහලක් නොවන බව උන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇතත්"බුදූ රජාණන් වහන්සේට කරනු ලබන පූජාවක් ලෙස උන්වහන්සේ පිටදූන් බෝධි වෘක්ෂය උතුම් කොට සලකා එයට වැදුම් පිදූම් කරන්නට ශ්‍රාවක පිරිස උනන්දූ වූ බව පෙනේ.


උන්වහන්සේ බුද්ධත්වය ලබා ගන්නා විට පිටදූන් ගයාවේ බෝධි වෘක්ෂයේම ඵල  රුකක් වූ ආනන්ද බෝධි රෝපණයේදී සිදූ වූ පූජාමය ප්‍රබෝධයම බෝධි වන්දනාෙවි ආරම්භය විය හැකිය.ගයාෙවි පිහිටි එම බෝධි වෘක්ෂයේම දක්ෂිණ ශාඛාව දූමින්දා ගමනයේදී මෙරටට වැඩම කොට අනුරාධපුරයේ මහමෙවුනාෙවි රෝපණය කිරිමෙන් පසු මුළුමහත් බෞද්ධ ජනතාව ඊට පුද පූජා පවත්වන්නට පටන් ගත්හ.එය කෙතරම් දූරට සැදැහැවත් ජනතාවගේ ජීත්ත සන්තාන වලට කිඳා බැස්සේද කිවහොත් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඵල වෘක්ෂ දෙතිසක් සිරිලක විවිධ පළාත් වල විහාරස්ථාන වල උත්සවශ්‍රීයෙන් රෝපනය කොට දිනපතා පුදපූජා පවත්වන්නට පටන් ගත්හ.රන්වැට"බෝධිඝර"බෝධිප්‍රකාර තැනවිම උතුම් පිංකම් ලෙස ආරම්භ විය.බෝධි පූජාව නිසා වෙහෙර විහාරස්ථාන වල නව ප්‍රබෝධයක් ඇතිවිය.

නවග්‍රහ අපල දූරු කර ගැනීමටත්"ලෙඩ දුක් නිවාරණය කර ගැනීමටත්" බලාපොරොත්තු වන කරුණු ඉටු කර ගැනීමටත් බෝධිපූජා සෙත් ශාන්තිය තව තවත් අප වෙත බැ‍ඳනවා ඇත..

යස්ස මූලේ නිසින්නෝව             -    සබිබාරි විජයං අකා

පත්තෝ සබිබඤ්ඩිතං  සත්ථා    -    වන්දෙ තං බෝධි පාදපං

ඉමේ ඒතේ මහා බෝධි               -     ලෝක නාථෙන පූජිතා

අහම්පිතේ නමස්සාමි                 -      බෝධි රාජා නමත්ථුතේ

ඉන්දනීල වණ්නපත්ත                  -      සේත බන්ධ භාසුරං

සත්තු නෙත්ත පංකජාහි             -      පූජි තග්ග සාතදං

අග්ග බෝධි නාම වාම                -      දේව රුක්ඛ සන්නිභං

තං විසාල බෝධි පාද                 -       පං නමාමි සබ්බදා

 

Wednesday, December 3, 2014

උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ

2014-12-03 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.1200 , විකුණුම් මිල රු.133.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.9200 , විකුණුම් මිල රු.208.7300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.2600 , විකුණුම් මිල රු.165.5300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.0100 , විකුණුම් මිල රු.137.8100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.5600 , විකුණුම් මිල රු.117.3700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.108.5800 , විකුණුම් මිල රු.112.7100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7500 , විකුණුම් මිල රු.101.9500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0862 , විකුණුම් මිල රු.1.1204 |
ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’අප්පායි, තිරුක්කොනායි, කවානි’ සහ ’කොන්නි’ යන නම් වලින ්ද හැඳින්වේ. මධ්‍යම ප‍්‍රමාණයේ ශාකයකි. වන  පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය.
දීප්තිමත් කහ පැහයකින් යුතු දිග කිනිත්තක් ලෙස සැකසුණු පුෂ්ප මංජරියක් හෙවත් පොකුරු වශයෙන් එල්ලා වැටේ.. ගස පුරාම මල් හටගනනා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් අතිශය චමත්කාර ජනක දර්ශනයක මතු කරයි් .

ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි.. ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය.
මෙහි පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී.
දැව ඉතාමත් ශක්තිමතය.. ඇහළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත.
                                                   (උපුටා ගැනීම ලංකාදීප)

අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන

2014-12-03 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.1200 , විකුණුම් මිල රු.133.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.9200 , විකුණුම් මිල රු.208.7300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.2600 , විකුණුම් මිල රු.165.5300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.0100 , විකුණුම් මිල රු.137.8100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.5600 , විකුණුම් මිල රු.117.3700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.108.5800 , විකුණුම් මිල රු.112.7100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7500 , විකුණුම් මිල රු.101.9500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0862 , විකුණුම් මිල රු.1.1204 |
වාර්ශිකව පොසොන් සමයේ මිහින්තලයට හා අනුරපුරයට රොක්වන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසගෙන් කීයෙන් කී දෙනකු මිහිඳු හිමියන් ආදාහනය කළ තැන ගැන විමසන්නේද. 13 සියවසේ දී රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු සියලූ පුරාණ ආරාමික ඉදිකිරීම් කෙතෙක් දුරට වන වැදී ගියේද මෙරට ඉංග‍්‍රීසි පාලන අවධිය වන විට අවම වශයෙන් මහා ස්තූප පැවැති අභයගිරිය හා ෙඡ්තවනයවත් හරිහැටි හඳුනාගත නොහැකිව අභයගිරිය ෙඡ්තවනය  ලෙසත් ඡේතවනය අභයගිරිය ලෙසත් ව්‍යවහාරයට පත්ව තිබුණි.
19 වැනි සියවසේ අග භාගයේ සිට ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා නටඹුන් ව පැවැති අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම ඇරඹුණ අතර 1860 න් පසු ඉංග‍්‍රීසි රජය විසින් මෙකී පුරාස්ථාන වාර්තා කිරීම සඳහා ඡායාරූප ගැනීමට ලෝටන්ද සැලසුම් ඇඳීමට ජේ ද ස්මිතර් ද කැනීම් හා සංරක්‍ෂණය සඳහා එච්.සී.පී. බෙඞ් ද පත්කරන ලදී. එකල්හි ජනවහරේ තිබූ පරිදි ස්මිතර් විසින් ඔහුගේ ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර ග‍්‍රන්ථයේත් බෙල් විසින් ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඇනුඇල් රිපෝර්ට් ග‍්‍රන්ථයේත් ථූපාරම ස්තූපයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් චෛත්‍යය සංඝමිත්තා සොහොන ලෙසත් හඳුන්වා දෙනලදී.
තව ද පසුගිය කාලයේ දී  ඡේතවන ව්‍යාපෘති බලධාරීන් විසින් ඡේතවන ස්තූප සලපතළ මළුව මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය ලෙස හඳුන්වාදී තිබුණි. එහෙත් මෙම ස්තූප සලපතළ මළුව සුපරීක්‍ෂාකාරී ලෙස මූලාශ‍්‍රය ලේඛන පිරික්සීමේ දී ඉහත කී හඳුනාගැනීම් සාවද්‍ය බව වැටහේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවන් වන මිහිඳු හිමියන් ආදාහනය කරන ලද නිවැරදි ස්ථානය සොයා ගැනීම මෙරට බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත් වන්නේය.
අර්හත් මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළිබඳව වඩාත් විස්තර හමුවන්නේ මහාවංශයේ ය. එහි ටීකාවේ හා අනිකුත් ග‍්‍රන්ථවල ඇති සඳහන්වල මහාවංශයට වඩා වෙනසක් නැත. පළමුව ඒ ථූපාරමය අසළ නොවන බවට ඇති සාධක විමසිය යුතුය. ථූපාරමය ඉදිකිරීම පිළිබඳව මහාවංශයේ හා ටීකාවේ සඳහන් විස්තරයේ එහි නිදන් කිරිම සඳහා සුමන සාමනේරයන් විසින් ගෙන එනලද සර්වඥ ධාතු සහිත කරඬුව පිට තබාගත් ඇතා ථූපාරාම ස්තූපය ඉදිකරන ස්ථානයට ගොස් ඇතුළේ උස ප‍්‍රමාණයට ස්තූපය බඳින තුරු ධාතු බිමට ගැනීමට ඉඩ නොදුන් බවත් ඇතා ස්තූපයට බටහිර දෙසින් බෝධිඝරය ඉදිවන ස්ථානයේ රැඳී සිටි බවත් දැක්වේ. මහාවංශය ඒ පිළිබඳව දක්වන්නේ හස්ති තෙම ථූපාරාම චෛත්‍යස්ථානයෙන් පිටුපස කරන ලද්දා වූ මහේජ වස්තු නම් දේවස්ථානයට ගොස් බෝධිස්ථානයේ නැවතී පෙරදිගට අභිමුඛව සිටි බවය.
මේ අනුව ථූපාරාමයේ බෝධිස්ථානය පිහිටා තිබී ඇත්තේ ථූපාරාම ස්තූපයට බටහිරිනි. සම සතරැුස්වූ ථූපාරාම භූමිය වටකොට පුරාණ ප‍්‍රාකාරයක් ඇති අතර ස්තූපයට බටහිරින් එම සීමාව තුළ ඇත්තේ නටඹුන්ව ගිය එක් ස්මාරකයක් පමණකි. ඊට අමතරව වෙනත් ස්මාරකයක් පිහිටීමට එහි ඉඩක් නැත.
මහාවංශයේ හා එහි ටීකාවේ දැක්වෙන පරිදි මහාමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් පසු හටගත් පළමු අටපල බෝධි අතුරින් එකක් සිටුවා ඇත්තේ ථූපාරාමයේය. ථූපාරාම භූමිය ඇතුළත වෙනත් බෝධිඝර දක්නට නැති නිසාත් මහාවංශයේ හා ටීකාවේ මෙම ස්ථානය බෝධිස්ථානය ලෙස නම් කර තිබීම අනුවත් මේ ස්මාරකය අස්ටඵල බෝධිය සිටවූ ස්ථානය ලෙස නිගමනය කළ හැකිය. ථූපාරම බෝධිඝරය අප විසින් කැනීම් හේතුවෙන්ද බෝධි පරීක්‍ෂිප්ත ව තිබූ වෘතාකාර ගඩොලූ බැම්ම ද ඒ වටා තැන්පත් කොට තිබූ සිරිපතුල් ගල්ද දැනට මතුපිට දක්නට ඇති මාලකයට යටින් වූ පැරණි බැම්මේම පනාබැම්ම වශයෙන් ගඩොලින් කළ මීටර් දෙකක් පමණ ගැඹුරැති බැම්මද හමුවිය. බෝධිය පිහිටි ස්ථානය හාරා ගැලවූ එහි බැම්මේ ගඩොළු කැබැලිවලින් වළ පුරවා තිබුණි. ලැබුණු සාධක සියල්ල අනුව ස්මිතර් දැක්වූ පරිදි මෙය මිහිඳු සොහොන නොවන බව තහවුරු විය.
මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළීබඳ මහාවංශයේ හා එහි ටීකාවේ සඳහන් වන්නේ දේහය මහා විහාරයට ගෙනවුත් එහි පැනඹ මළුවේ තබා තිබී ඉනික්බිති ව නැගෙනහිර දෙස තෙරුන්ගේ බද්ධමාලකයෙහි ආදාහනය කොට එහි චෛත්‍යයක් ද බඳවන ලද බවය. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයේ කළුරිය කළ ආර්යන්ගේ සිරුරු දවනු ලැබූ බවයි. එසේ නම් මිහිඳු හිමියන්ගේ සොහොන සෙවීමේ දී පුරාණ පැනඹ මළුව හා බද්ධමාලකය පිහිටි තැන් හඳුනා ගත යුතුය. තෙරුවන්ගේ බද්ධ මාලකයක් ගැන මහා වංශයේ හා එහි ටීකාවේ ද සඳහනක් ඇත. එනම් අරිට්ඨාදි භික්‍ෂුන් සඳහා උන් වහන්සේ විසින්ම තුම්බරු නම් වූ බද්ධ මාලකයක් බැඳ උපසම්පදා කිරීම සම්බන්ධවය.
ටීකාව එය දක්වන්නේ තමන් විසින් බඳනා ලද තුම්බරු නම් මාලකයෙහි පළමු වරට කර්ම වාක්‍යයෙන් උපසම්පදා කර්මය කළහ මිහිඳු හිමියන් මහමෙව්නාවේ (මහා විහාරයේ) වැඩ වාසය කළේ ශ්‍රී මහා බෝධිය අසළ රාජගෘහයේ බවද පසුව ඉදිකළ කාලපාසාදය එතැනට මඳක් උතුරින් වූ බවද වංශකථාවේ සඳහන් වේ. මහා විහාරය යනුවෙන් එකල අදහස් කර ඇත්තේ විශේෂයෙන් මිහිඳු හිමියන් වැඩ සිටි ආවාසය හා අවට ගොඩනැගිලිය.
ක‍්‍රි.ව. 411 දී පමණ ෆාහියන් හිමි මහා විහාරය පිළිබඳ ව විස්තර කිරීමේ දී තමා රහත් හිමි නමකගේ ආදාහන කටයුතු දුටු බවත් ආදාහනය කළේ විහාරයෙන් ලී 4-5 ක් නැනෙහිර දෙසින් බවත් දක්වයි. ෆාහියන් දේශාටන වාර්තාවේ විමල් බලගල්ල පරිවර්තනයේ එය වරදවා නගරයෙන් නැගෙනහිර යැයි සඳහන් කර ඇත. ලී 4-5 යනු කි.මීටර් එකක පමණ වේ. බොහෝ සෙයින් ෆාහියන් හිමි සඳහන් කරන්නේ මිහිඳු මිහියන් ආදාහනය කළ ආදාහන භූමිය වන විට මෙම ස්ථානය වෙනස් විය හැකි බැවිනි.
පැනඹමළුව යනු වංසකථා විස්තර අනුව මහාවිහාරයේ ලහබත්ගෙය පිහිටි ප‍්‍රදේශයයි. මිහිඳු හිමියන් මහා විහාරයේ පූජනීය ස්ථාන පිහිටන තැන් රජතුමාට දක්වමින් ලෝවාමහාපාය පිහිටන තැනට ගොස් අනතුරු ව ගියේ සලාකය ලබා දෙන ලහබත්ගෙය පිහිටන තැනටය. ලහබත් ගෙය ලෝවාමහාපායට ඉදිරියෙන් (බටහිර දෙසින්) පිහිටා ඇති නටඹුන් ගොඩනැගිල්ල බව මහා බෝධිවංශ ගැටපදයේ මහාවිහාරයේ පූජනීය ස්ථාන විස්තර කෙරෙන සිංහ වික‍්‍රාන්ති සැලැස්මේ පෙන්වා දෙයි. ඒ ශ්‍රී මහා බෝධියට උතුරු දෙස (රුවන්වැලි සෑය දෙසට) ඊට ආසන්නම තැනයි. දීපවංශය ද පැහැදිලිව පවසන්නේ තිස්සමහාරාමයෙන් (මහාවිහාරයෙන්) නැගෙනහිර දෙස තෙරුන් වහන්සේ ආදාහනය කළ වගයි.
තෙරුන්ගේ බද්ධමාලක යනු භික්‍ෂූන් වහන්සේලා පොහොය කිරීමට පෙර ඇවත් දෙසීම සඳහා යොදාගත් ස්ථානය විය යුතුය. දෙපෝයකට වරක් භික්‍ෂූන් වහන්සේලා එක් වී උපෝසථඝරයෙහි දී පාතිමොක්ඛය කියවන අතර විනයට අනුව ඒ සඳහා උපෝසථඝරයට ඇතුළු වීමට පෙර තමා අතින් වරදක් සිදු වී ඇත් නම් එය ප‍්‍රකාශ කොට පිරිසිදු වී ඇතුළු විය යුතුය. එහෙයින් මහාවිහාරයේ පොහොය ගෙය වූ ලෝවාමහාපාය අසළ බද්ධමාලකයක් තිබීම බොහෝ සෙයින් සිදුවිය හැකිය. මාලක යන්නට අර්ථ සපයන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් එය යම් කිසි පූජනීය කටයුත්තක් කරගෙන ගිය මළුවක් හෝ අවකාශයක් බව දක්වා තිබේ.
මේ අතර ෙඡ්තවන විහාර ව්‍යාපෘතියේ නිලධාරීන් විසින් ෙඡ්තවන ස්තූප සලපතළ මළුවේ කැනීම් කිරීමේ දී මීටර් එකක් පමණ ගැඹුරින් ගඩොලූ ප‍්‍රාකාරයක් හා අඟුරු හමුවූ බවත් එ නිසා එය මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය බවත් දක්වා ඇතත් එය පිළිගැනීමට අපහසු හා නිශ්චිත සාක්‍ෂ්‍ය මත නො පිහිටා කරන ලද ඉක්මන් ප‍්‍රකාශයක් බව පෙනේ. ඔවුන් තෙරුන් ආදාහනය කළේ නගරයට නැගෙනහිරින් යැයි සළකා ඇතත් වංශකථා අනුව එය සිදුවී ඇත්තේ නගරයට නොව මහා විහාරයට නැගෙනහිරින්ය.
පිහිටීම අනුව බලන කල ෙඡ්තවන ස්තූපය පිහිටා ඇත්තේ මහිවාහාර මූලස්ථානයට නැගෙනහිරින් නොවේ. ෆාහියන් හිමි රහතන් වහන්සේලා ආදාහනය කළ මළුව යනුයෙන් දක්වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබී ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහයන කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබි ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහනය කළ භූමි වසා දමා සලපතළ මළුවක් සැදුවේ නම් නිහඬව සිටියේ යැයි කිසිසේත් සැලකිය නොහැක්කේ මිහිඳු හිමි ආදාහයන කළ තැන උත්තිය රජු විසින් චෛත්‍යයක් ද ඉදිකොට තිබූ බව සඳහන් වීමෙන් එතැන අති පූජනීය තැනක් සේ සැලකී ඇති බැවිනි.
රජතුමා එසේ කළේ නම් එතුමා ගැන දොස් පවරා ලියා ඇති මහාවංස විස්තරයේ නිසැකවම එය සඳහන් කරනු ඇත. මහාවංශයෙන් දැක්වෙන්නේ එතුමාගේ ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳ සැබෑ මුහුණුවර නොවේ. වංසත්ථප්පකාසිනියේ සඳහන් පරිදි මහසෙන් රජතුමා දිවයින පුරා තිබූ මිසදිටු ආරාම බිඳ දමා ශිවලිංග විනාශ කළා පමණක් නොව ත‍්‍රීකුණාමලයේ (ගෝකණ්ණ) එවැනි දේවාල තුනක් බිඳ දමා ගෝකණ්ණ ආදි විහාර තුනක් ඉදිකළ බවද සඳහන්ය. (මේ අනුව පූජනීයත්වයට පත්ව තිබූ මිහිඳු සෑය පිහිටි ස්ථානය යටකොට ගිහියනගේ පයට පෑගෙන පරිදි සලපතල මළුවක් ඉදිකරන ලද්දේ යැයි සිතිය නොහැකිය.
මහා විහාර භූමියේ මධ්‍යස්ථානය වූයේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයයි. ඒ ශ්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ බටහිරින් පිහිටි රාජගෘහයයි. මේ අනුව විහාරයෙන් නැගෙනහිර යනු බොහෝ සෙයින් පැනඹමළුව තිබූ තැනින් නැතහොත් ශ්‍රී මහා බෝධිය පිහිටි තැනින් නැගෙනහිර විය යුතුය. ලෝවාමහාපායෙන් නැගෙනහිර කෙළින්ම යොමු වන්නේ මල්වතු ඔය බටහිර සීමාවටය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කර ඇත්තේ ලොවාමහාපායට පිටුපස එනම් නැගෙනහිර ස්ථානයක බවය. 

 
 (උපුටා ගැනීම ලංකාදීප)




සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන

2014-12-03 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.1200 , විකුණුම් මිල රු.133.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.9200 , විකුණුම් මිල රු.208.7300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.2600 , විකුණුම් මිල රු.165.5300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.0100 , විකුණුම් මිල රු.137.8100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.5600 , විකුණුම් මිල රු.117.3700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.108.5800 , විකුණුම් මිල රු.112.7100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7500 , විකුණුම් මිල රු.101.9500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0862 , විකුණුම් මිල රු.1.1204 |

මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,
නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො
චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ
ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි. ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය.
ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය.
තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො
වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය.
අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්‍ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප‍්‍රාසාද තුනක් ප‍්‍රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප‍්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත‍්‍රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය.
ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත‍්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත‍්‍රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය.
මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ‍්‍රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි.
බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප‍්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප‍්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක‍්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප‍්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය.
මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත.
පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු
සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා
නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං
ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු.
මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත.
ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප‍්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප‍්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ‍්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග‍්‍රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී.
මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත.
ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි
හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප‍්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප‍්‍රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප‍්‍රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප‍්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප‍්‍රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.
මෑත කාලයේ මෙම ප‍්‍රදේශය බොහෝ සෙයින් මානව ක‍්‍රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප‍්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත.